W. D. Amaradeva, Nanda Malini, Rashmi Sangeetha, Vajira Balasooriya, Yamuna Vinodani ‎– Prema Thatake

Label:
DinuraCreations ‎– DC-PTWD-006
Format:
100 × CD, Minimax, CD-ROM, Album, Special Edition, Stereo
Country:
Released:
Genre:
Style:

Notes

Prema Thatake - Pandith W.D. Amaradeva With Vajira Balasooriya | Nanda Malini | Rashmi Sangeetha | Yamuna Vinodani
Prema Thatake Lyrics:
ප්‍රේම තටාකේ මේකයි මැණිකේ
ආදර රැල්ලයි අර දිව යන්නේ
අභිමන් අභිමන් කියලයි මැණිකේ
ඒ රැළි මේ වැව් ඉවුරේ වදින්නේ..

මගේ පෙම් කෝකිලයෝ ඔබේ ගීයේ
තාලෙට නොවැ දිය සුලි කැරකෙන්නේ
පියුමට පියුමක් හැපෙනවා දැකලයි
හංස පැටව් මේ ලෙස දගලන්නේ..

චම්පා චම්පා කියලයි මැණිකේ
ඕලු මලේ අර පෙති නැටවෙන්නේ
ඔබෙ ඉග මෙවුලේ මිණි කැට දැකලයි
මාලු පැටව් මේ දිවගෙන එන්නේ..

හිමියෙනි ඔබගේ පුළුලු‘රතලයෙහි
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ
මගේ පෙම් දහරයි සීතල ජලයයි
එක විදිහට නොවැ පිරී තිබෙන්නේ..

අනාගතේ මෙහි පෙම් රස විදිනා
හදවත් වලටයි රසය දැනෙන්නේ
ඒකයි මැණිකේ මේ වැව දකිනා
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ
ප්‍රේම තටාකේ..

Artists: Pandith W.D. Amaradeva, Vajira Balasooriya, Nanda Malini, Rashmi Sangeetha & Yamuna Vinodani
Lyrics: Sri Chandrarathna Manawasinghe
Music: Pandith W.D. Amaradeva
#WDAmaradeva #NandaMalini #SinhalaSongs #VajiraBalasooriya #RashmiSangeetha

Reviews